Saturday, May 26, 2012

නුඹට සමු දී...!


නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ
නොසිතූ හැඟුමන් සිතට  ගලා ආවේ...

නුඹ නොදන්නිය මා ඇත නුඹ ලඟ
නමුත් මගේ නම එහි ලියැවී ඇත
කෙලෙසද නුඹ මා හඳුනා ගන්නේ
ඔක්කොම ඇත ඔබ ඉදිරියෙ හිඳගෙන

අප මුන ගැස්සුවේ කාල සටහනයි
එය දැක් වූයේ නුඹේ වෙලාවයි
කොතැනද, නුඹ මා හමු විය යුත්තේ
නොගියොත් නිසි කල, හමු වී හමාරය

ආලය නොකලේ කම්මැලිය මම
කාලය ගෙවූයේ කඳුලින සතුටින
අවුරුදු හතරක් 'දේශන' ඔබ මා
බැඳි පෙම අවසන් වී ඇත මෙලෙසින

නුඹට සමු දී, අක්බාර් කුටියට යන ගමනේ
නොසිතූ හැඟුමන් සිතට  ගලා ආවේ....

     ~ ඉසුරු ගුණවර්ධන ~
Faculty of Engineering, University of Peradeniya