Saturday, June 4, 2011

The equation of life



Equation of Life.. එහෙමත් නතිනම් "ජීවිතයේ සමීකරණය" මගේ ඔලුවට ඉබේ පහල වූවක් නම් නොවෙ. මා හිතන විදියට මේ සමීකරණයේ පෙනෙන දෙයට එහා ගිය දේවල් කිහිපයක්ම තිබෙනවා. ඒ නිසාම තමයි මම මේ ගැන කියල post එකක් දාන්න ඕන කියල හිතුවේ, මොකද මේ සමීකරණය තුල ගැබ් වී ඇති දෙය ඔබත් මාත් මේ වන තෙක් අවබෝධ කරගෙන නොමැති නිසාවෙනි. මේ Equation එක මගේ නෙත ගැ‍ටුනේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයට යාබදව පිහිටි අක්බාර් නේවාසිකාගාරයේ room එකක දොරක ලියා තිබීය දීය.


මෙය කවුරු විසින් කා හට ලියූවූවක්ද..?
අවුරුදු 4ක degree එකකට හිර වෙලා පොත් සිය ගනනක් අතරේ අතරමං වෙලා, හිස් කොල නැතිනම් හිස් පොත් පුරවන්න තැත් කරන අතරතුර ඉඳහිට ලැබෙන නිවාඩුවකට ගෙදර යද්දි හමුවන පාසල් කාලයේ Campus එන්න ලකුණු මදිවුන job කරන යහලුවෙක් හමූවී, "හලෝ මචං! සෑහෙන කාලෙකට පස්සෙ නේද හම්බවුනෙ , වරෙන් යන්න කඩෙකට ගිහිල්ල මොනව හරි කන ගමන් කතා කරමු.." කියල කඩේකට ගිහින් පරන යහලුව ගානේ කාලා බීල එලියට බහිද්දි "මම Campus ගිහිනුත් තාම ගෙදරින් තමයි යැපෙන්නෙ, එ උනාට මුන් දැන් සල්ලි හම්බ කරල ගෙදරටත් කීයක් හරි දෙනව ඇති..." කියල හිතෙන කොල්ලෙකු* විසින් ලියවුනාද (*මෙය ලියන අවදියේදී මේ කොල්ලාගේ වයස 18-25 අතර වන්නට ඇත, නමුත වර්තමානයේ මොහුගේ වයස කීයද කියන්න මා දන්නේ නැත, මට කිව හැක්කේ මොහු මගේ Batch එකට වඩා Senior බව පමණයි, නමුත් මේ post එක පුරාවටම මා ඔහුව "Campus කොල්ලා" යන නාමයෙන් සඳහන් කරන්නම්) එහෙමත් නැතිනම් Exam එකක් ලංවුන කාලෙක* Akbar එකට වෙලා ගෙදර ප්‍රශ්ණයක් හෝ මොකක් හරි ගැටලුවකට උතතරයක් (Love case එකක් වෙන්නත් පුලුවන්) කල්පනා කර කර, ගානක් විසදන්න් try කරන කොල්ලෙකුට (*සාමාන්‍යයෙන් Exam එකක් ලං වෙනකන් මේක ඉන්න කොල්ලො පොතක් බලන්නෙ නෑ) විසඳ විසඳ හිටිය ගානේ අනුකලයක් කර කර ඉද්දි මේ equation එක ඔලුවට ආව වෙන්නත් පුලුවන්.
මේ ආකාර දෙකටම අයත් නොවන කොල්ලෙක් මේක ලිව්ව වෙන්නත් පුලුවන්. ඒ කවුරු මෙක ලියූවත් කාට ලියපු එකක්ද කියන එකට අඩුම ගානේ අනුමාන උත්තරයක්වත් හොයා ගන්න ටිකක් අමාරුයි, එහෙම නේද? ඒ මොනව උනත් මේ කියල තියෙන දේ ඇත්ත කියල මම නං පිළිගන්නව. ගණිතයේ ඇති අනුකලනය හෙවත් Integration දන්න ඕනෑම කෙනෙකුට, Akbar එකේ සැපට* දිවි ගෙවපු(*Hostel ජීවිත ගැන ඔබ දන්නවා ඇතැයි මම සිතමි) කොල්ල ලියූ මේ කතාව, හොඳට තේරෙනව ඇති.

අනුකලනය ගැන නොදන්න අයට, මේ කොල්ල කියල තියෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරොත්,

(උපන් දා සිට මැරන දා තෙක් කාලය තුල ප්‍රශ්න වල එකතුව) = ජීවිතය

ගණිතය කියන්නේ භාශාවක් බව ඔබ අසා ඇති, ගණිතය නැමති භශාවෙන් ජීවිතය විග්‍රහ කරන්න උත්සහ කරපු Campus කොලුවෙකුගේ කතාවෙන් ඔබ ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලනවා නම් එය මා මෙම post එක දැමීමේ අරමුණ සඵල වීමකි. අවසාන වශයෙන් මා මෙසේ කියන්නම් "ජීවිතය යනු කුමක්ද? " යන ප්‍රශ්නයට Campus කොලුවා දුන් පිළිතුර නිවැරදි යැයි කිව හැක, නමුත් "ජීවිතය යන ප්‍රශ්නයට පිළිතුර කුමක්ද...?" යන ප්‍රශනය මා ඔබෙන් ඇසුවහොත්... ඔබ නිරුත්තර වන්නට පුලුවන, සමහර විට ඔබ නිවැරදි පිළිතුර දෙන්නත් පුලුවන. එයින් කුමක් වුවත් මා දන්නේ මෙය කියවන ඔබත් මෙය ලියන මාත් එම ප්‍රශ්නය තවම විසඳා ගෙන නොමැති බව පමණයි..........!

පාඨක ඔබ සැමට තෙරුවනි සරණයි.....!!!

4 comments:

Deeps said...

සමීකරණේ නම් හරියටම තේරුනා චාරුටයි මටයි දෙන්නටම :D

සැගවුණු කුසලතා තව කීයක්‌ තියනවද? චාරුට TM විදියට සතුට ඉහ වහ ගිහින් මෙව්වා දැක්කම ..ඔහොම යන් මල්ලි :)

"VinZOuTLooK" said...

හ්ම්ම්ම්ම් undefined indefinite integral එකක්.
අපි හැමෝම ජීවිතයට උත්තර හොයන්නනෙ ජීවිතයත් එක්කම පොර බදන්නෙ. ඕකත් ජීවිතයට අසම්පූර්ණ තවත් එක් උත්තරයක් විතරයි.

Damith Sriyantha said...

ෂා නියම පොස්ට් එක.....
බ්ලොග් එකට ගොඩ උනේ අදමයි .....
බ්ලොග් එකේ නමේ හැටියටම වැඩෙත් යනවා කියල තේරෙනවා.......දැකීම සහ බැලීම අතරේ තියෙන වෙනස අපුරුවට තේරෙනවා.
ඒ වගේම පොස්ට් එකත් නියමයි ....
ජිවිතේ සටනක් වගේ....පුහුණුව,අත්දැකීම්,සුදානම,උත්සාහය,උනන්දුව,එඩිතරබව, ඔය හැම දේම එකතු උනාමයි මේ ජිවිත සටන ජය ගන්න පුළුවන්....
maths වලින් ජිවිතේ දැකපු සහෝදරයෙක් ලියපු අපුරු සමිකරණේ........
ජය වේවා!!!!!තවත් මේ වගේ දැකපු එත් නොබලපු යමක් ඉදිරියටත් පොස්ට් කරන්න....

Isuru S. Amarasena said...

fatta, So,
No Comments,
But this...