Friday, August 26, 2011

යක්ගහපිටියේ බසයෙයි ඈ නැගී ගියේ


හිත ගිය ලඳක් දු‍ටුවා මා town එකේ
පසු පස ගියත් නෑසුනි මට කතා ඇගේ
සිනහව පමණයි දු‍ටුවේ මා අගේ මුවේ
යක්ගහපිටිය බසයෙයි ඈ නැගී ගියේ....


මේ පද පේලි හතර වෙනුවෙන් post එකක් දාන්නෙ ඇයි කියල ඔයාලට හිතෙන්න පුලුවනි. ඒකට හේතුව තමයි මේ කවිය අහම්බෙන් ලියැවුනු කවියක්.


Campus ගිය අලුතම මමයි මගෙ යහලුවෙකුයි ගියා පොඩ්ඩක් නුවර town එකේ ඇවිදල කරල එන්න. දන්නේ නැද්ද ඉතින්.... campus එකටම කො‍ටු වෙලා හිටියොත් එකේ ඉන්න කෙල්ලො ලස්සනයි කියල අපේ ඇස් ‍රැවටෙන්න පුලුවන්නෙ. (ලිඳේ ඉන්න ගෙම්බගෙ ලෝකේ ලිඳ විතරයිලුනේ). ඉතින් සාමාන්‍යයෙන් අපි මාසෙකට සැරයක්වත් පොඩි රවුමක් ගහන්න යනව. මේ එහෙම ගිය පළමු වතාව.
ඔහොම town එකේ යන අතරෙ ඔන්න ඔය කවියෙ කියවෙන කෙල්ලව මම දැක්කෙ අහම්බෙන්. මමයි මගෙ යහලුවයි ඒ කෙල්ල පිටි පස්සෙන්ම ගියා. කොච්චර දුර ගියාද කියනව නම් අන්තිමට අපි නැවතුනේ, යක්ගහපිටිය bus ගහන තැන. ඒ වෙලාවෙ අපිට bus එකට නැගල පස්සෙන් යන්න තරම් උවමනාවක් තිබුනෙ නැහැ. ඉතින් ඒ වෙනුවට ආපහු campus එකට එන අතරෙ, ඔය පද පේලි ටික ගලප ගන්න මට පුලුවන් උනා. ඇතතටම කියනව නම් ඒ පද ටික ලස්සනට ඉබේම ගැලපුනා. මම ඊට කලින් කවි ලියන්න වත් හිතපු කෙනෙක් නෙවෙයි. ඉතින් කොකටත් කියල Akbar එකට ගිහින් ඔය පද පේලි ටික මම සටහන් කරගෙන තියා ගත්ත. ඔන්න එදා ඒ සටහන් වුන දේ එලියට ආවෙ මේ blog post එකෙන්....!

6 comments:

deeps said...

හෙහෙහැ ඔන්න කස්ටියගේ හොර වැඩ අහුවෙනවා ටික ටික :)

Isuru said...

ඔය වගේ දේවල් හමොගෙම ජීවිත වල තියෙනව ;)
එවට අපි කියමු සොඳුරු මතක කියල...

Osanda said...

ඇත්තටම මේක නම් මරු අයියේ

Ridmi Nimeshani said...

aparade digatama passenma yanna thibbane..

වැඩ බිමේ තනිකඩයා said...

තව බස් කීයක ඔහොම නොලියවුනු කවි කියැවුනු නංගිල හම්බෙන්න ඇත්ද?


රසිකොලොජිස්ට් - Rasikologist said...

මං නං ඒ බස් එකේ නැගලා ගියා!